ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලාන් සමරවීර සහ ටී.එම්. දිල්ෂාන් යන මහත්වරුන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන වැරදි ප්‍රචාර සහ මඩ ගැසීම් වලට එරෙහිව හිටපු නායක ටී.එම්. දිල්ෂාන් මහතා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.
රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර තලයේදී දැවැන්ත කීර්තියක් ගෙනැවිත් තමන් ගොඩනගාගත් නමට සහ ගෞරවයට කිසිදු අයුරකින් මඩ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු මෙහිදී අවධාරණය කර ඇත.
















