27 April 2024
#ව්‍යාපාර

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් අලෙවි නියෝජිතයින්ගේ විශ්ව විද්‍යාල දූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

සුවහසක් ශ්‍රී ලාංකික දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට අරමුදල් ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තම අලෙවි ජාලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් සදහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් සිදු කෙරිණි.

එහිදී අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ වටිනා සේවය අගයමින් ඔවුන්ගේ දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 25ක් දෙනෙක් සදහා ශිෂ්‍යත්වයක් ලබා දීම සිදුවිය.

මසකට රු.1500 බැගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් ලබා දෙන මෙම පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ප‍්‍රදානය 2019.03.08 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ මහත්මිය සහ සහකාර සාමාණ්‍යාධිකාරී (ප‍්‍රසම්පාදන) මලින්ද මහතා සහ විකුණුම් උපදේශක විජය සමරණායක මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.

ඔබ මිලදී ගන්නා සෑම ටිකට්පතකින්ම නිදහස් අධ්‍යාපනයේ උරුමය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට දායක වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හුදු ටිකට්පතක් පමණක්ම නොවන්නේ මෙවන් මෙහෙවරයන් නිසාවෙන්මය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *