27 April 2024
#දේශීය

TNA ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියා මිස, උතුරේ ජනතා ගැටලු විසඳුවේ නෑ : මහින්ද රාජපක්ෂ කියයි

තමන්ට පෙර විපක්ෂ නායකත්වය ද දැරූ දෙමළ ජාතික සන්ධානය සෑම විට ම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිය ද උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු නොකළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

අද (10) පෙරවරුවේ මුලතිව් නගරයේදී පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද පෙරවරුවේ මුලතිව් නගරයේදී පැවති ජන හමුවකට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ද එක්වුණි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ට සිය සහාය පළ කළ හිටපු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ඒකාබද්ධ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ද මෙම ජනහමුවට එක්ව සිටීම විශේෂත්වයකි. රත්නප්‍රිය බන්දු මහතා උතුරේ ජනතාව මහත් හරසරින් පිළිගත් හමුදා නිලධාරියෙක් වී ය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *