27 April 2024
#දේශීය

අලී සබ්රිගේ බලපත්‍රය අහෝසි කල යුතුයි – මංගල

ගෝඨාබය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි කියමින් මහජනයා නොමඟ යැවීම සදහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අලී සබ්රිගේ නීතිඥ බලපත්‍රය අහෝසි කල යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නීතිඥ අලි සබ්රි විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමිනි.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් නීතිඥ අලි සබ්රි සදහන් කළේ ගෝඨාබය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි. එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ පහත කරුණු ද අවධාරණය කර ඇත.

ගෝටාභය රාජපක්ෂගේ යැයි කියනු ලබන ගුවන් ගමන් බලපත්‍රයේ ඉංග්‍රීසි භාෂාවෙන් සදහන්ව ඇත්තේ සාමාන්‍ය පරිදි මුද්‍රා තබන ‘cancelled’ ලෙස නොව ‘cancel’ ලෙසයි.

සහතිකය ලියා ඇත්තේ ශ්‍රී ලාංකීය ක්‍රමයට (දිනය/මාසය/වසර) මිස ඇමෙරිකානු ක්‍රමයට (මාසය/දිනය/වසර) නොවේ.

තවද ගෝටාභය රාජපක්ෂගේ නම නවතම ඇමෙරිකානු ෆෙඩරල් ලේඛනයේ ඇතුලත් නොවේ.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“අලි සබ්‍රි ඒ පෙන්වපු පාස්පෝට් එකේ මොකක්ද ගහල තියෙන්නෙ. මිත්‍රවරුනි, එකේ ලොකුවට ගහල තියනව කැන්සල් කියන වචනය. ඒ කියන්නෙ අවලංගු කරන්න කියන ඒක. සාමාන්‍යයෙන් ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක පාස්පෝට් එකක් කැන්සල් කරන කොට ‘කැන්සල්ඩ්’ (CANCELLED )කියල ගහන්නෙ. ‘කැන්සල්ඩ්’ එකෙන් කියන්නෙ අවලංගු කරනා ලදී කියන එක. නමුත් මේ හොර අවලංගු සහතිකය නිර්මාණය කරපු නාමල් රාජපක්ෂගේ බයියන්ට එකවත් හරියට ගහගන්න බැරි වුනා. නිවැරදි වචනෙ වෙනුවට කැන්සල් (CANCEL) කියල යොදපු එකෙන්ම මේක බොරුවක් කියල රටට සනාථ වෙලා ඉවරයි.

ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ සහතික වල දිනය දාන කොට ඉස්සෙල්ලම දාන්නේ මාසය, ඊට පස්සේ දාන්නේ දිනය, අවසානයට අවුරුද්ද. නමුත් මේ සහතිකයේ දාල තියෙන්නෙ ලංකාවේ ක්‍රමයට මුලින් දවස දාල, ඊළගට මාසය හා අවුරුද්ද ලෙස දාල මැයි මාසයේ අවලංගු කරපු බව සදහන් කරල” තිබෙන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *