27 April 2024
#සංවර්ධන

මාතලේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිරික්ෂනයට

මාතලේ කොහොඹිලිවෙල පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබදව මධ්‍යම පළාත් පරිවාස ‍ කොමසාරිස් ඩි . එම්. සී. සී. කේ. ගුණරත්න මහත්මියගේ නිරික්ෂණයට ලක් විය.

මාතලේ තරුණ බෞද්ධ සමිතිය මගින් පාලනය වන මෙම පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නව පාලක මණ්ඩලය සමග ඉදිරි කටයුතු සාකච්ඡාවට ලක් වු අතර ළමා සංවර්ධන මධ්‍යස්ථානය සදහා දරුවන් යොමු කිරිම ඇතුලු ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව මෙහිදි සාකච්ඡා කළහ.

මාතලේ තරුණ බෞද්ධ සමිතියේ සභාපති දේශශක්ති ගාමිණ‍ි කොස්තා,ලේකම් අශෝක කේ. නිලකාන්ත ඇතුලු පාලක මණ්ඩලයේ නිලධාරින් ,පළාත් පරිවාස දෙපාර්තමෙන්තුවේ මුලස්ථාන පරිවාස නිලධාරි විජේරත්න,මාතලේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි එම්.ජි විජේසිංහ,මාතලේ ස්ථානභාර පරිවාස නිලධාරි වයි.බි.එම්.එස්.ජේ යාපාබණ්ඩාර පරිවාස නිලධාරි එච්.එම්.ඩි .කේ හේරත් යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *