27 April 2024
#Uncategorised

ගිරවුන් ළග තබා ගත් අයෙකු දැලේ

ලංකාවට ආවේණික වු දැඩි ආරක්ෂිත පක්ෂියකු සැලකෙන අලු ගිරවෙකු සහ හිල් මයිනන් දෙදෙනකු ළග තබා ගත් දෙදෙනෙකු මාතලේ ඇම්.සි පාර ප්‍රදේශ‍යේ දි 15දා අත්අඩංගුවට ගත් බව මාතලේ වනජිවි කාර්යාලය කියයි.

වනජිවි හා වෘක්ෂලතා ආඥා පනත අනුව මෙම ගිරවුන් ළග තබා ගැනිම නිති විරෝධි බවත් වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද නිලධාරිහු කියයි.
සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක එම්.බි.පි විජේකොන් මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *