බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ යන ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළං බලාපොරොත්තු විය හැක. මේ අතර සූර්යයා දකුණට ගමන් කිරීමේදී හෙට දහවල් 12:10 ට ආණමඩුව, මොරගොල්ලාගම, දඹුල්ල, මනම්පිටිය සහ වාලච්චේන යන ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන් වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














