වත්මන් රජය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය කළේය.
මීට පෙර තෙල් පිරිපහදුව පමණක් ආයෝජනය සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය මුළු සංස්ථාවම විකුණා දැමීමට පියවර ගනිමින් සිටින බව හෙතෙම චෝදනා කළේය. එසේම, ලංකා ගල් අඟුරු සමාගම වැනි අතරමැදි ආයතන පවත්වාගෙන යාමෙන් පාරිභෝගිකයාට අමතර බරක් පැටවෙන බවත්, එම බලතල සෘජුවම බලාගාර වෙත ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














