• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික අභියෝග ජය ගැනීමට සංචාරක මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගත යුතුයි -රාජ්‍ය ඇමැති ලාන්සා

23 January 2021
in සංවර්ධන

කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝකයම මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට නම් සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් සංචාරක කර්මාන්තය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට කටයුතු කළ යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (22) වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග පැවති සුහද හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,“ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙන්ම ජනතාවගේ ආර්ථික කටයුතු නංවාලීම සදහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ගුවන් තොටුපොළ විවෘත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි රට විරුවන්ට යළි ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ සමගම සංචාරක කර්මාන්තය සදහාද අවස්ථාව හිමිවීමත් සමග ලක්ෂ 30 කට ආසන්න පිරිසකට යම් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. නියමු ව්‍යාපෘති හරහා ලබාගත් අද්දැකීම් උපයෝගී කොටගෙන රටේ ජනතාව කොවිඩ් 19 න් ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය සිදු කර ගෙන යාම රජයේ බලාපොරොත්තුවයි. එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ පවතින වත්තල මාබෝල නගර සභාව නිතී විරෝධී ක්‍රියාවන් රැසක් සිදු කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරනවා. එමෙන්ම වත්තල නගරය කොළඹ වාණිජ නගරයට ආසන්නතම නගරය වශයෙන් දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර ජනතාවගේ ඉඩම් ගැටළු විසදීමේ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර ඇති අතර ඒ අනුව වත්තල ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටළු සදහා අවශ්‍ය විසදුම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කාණු පද්ධති හා ඇලවේලි සියල්ල ප්‍රතිසංස්කරණය කරමින් වැසි හා ගංවතුර තත්ත්වයන්ගෙන් ජනතාවට සිදුවන පීඩාවන් වැලැක්වීමට කටයුතු කරන බව‍‘‘ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Post Views: 29
Previous Post

පලමු වසර සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

Next Post

කොරෝනා වෛසරය පවිත්‍රාට හැදුනාට ජී.එල්ට නැහැලු

editor

editor

Next Post

කොරෝනා වෛසරය පවිත්‍රාට හැදුනාට ජී.එල්ට නැහැලු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved