ජපානයේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් තුනක සේවකයින් පිරිසක් ටොයෝටා මෝටර් රථ සමාගමට අනුයුක්තව සේවය කරන අතරතුර, එම සමාගමේ තොරතුරු අවසරයකින් තොරව ලබාගෙන ඇති බව වාර්තා වේ. Tokio Marine & Nichido Fire Insurance, Mitsui Sumitomo Insurance සහ Aioi Nissay Dowa Insurance යන සමාගම් මෙම සිදුවීමට සම්බන්ධ බවට හෙළි වී තිබේ.
ටොයෝටා සමාගමෙන් මෙලෙස පිටතට ගෙන ඇති තොරතුරු කිනම් වර්ගයේ ඒවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් මෙම ක්‍රියාව පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ පනත හෝ අසාධාරණ තරඟකාරිත්වය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීමක් විය හැකි බව පරීක්ෂකවරු පෙන්වා දෙති. ටොයෝටා සමාගම දැනටමත් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
විශේෂත්වය වන්නේ 2025 මාර්තු මාසයේදී ද මෙවැනිම තොරතුරු සොරාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ජපාන මූල්‍ය සේවා ඒජන්සිය විසින් මෙම රක්ෂණ සමාගම්වලට ව්‍යාපාරික නියෝග නිකුත් කර තිබීමයි. මෙම නවතම හෙළිදරව්වත් සමඟ ජපානයේ රක්ෂණ ක්ෂේත්‍රයේ පවතින නීතිමය අනුකූලතාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව යළිත් දැඩි කතාබහක් ඇති වී තිබේ.














