දාගොන්න ප්‍රදේශයේ සිට අලුතෑපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් කටුවැල්ලේගම ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ මිලන් සඳරුවන් නැමැති පුද්ගලයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ ගමන් කළ ඔහුගේ බිරිඳ සහ අවුරුදු තුනක කුඩා දරුවා බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, කුඩා දරුවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. දරුවාගේ තත්ත්වය තවමත් බරපතළ මට්ටමේ පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ මළ සිරුර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර, ඒ පිළිබඳ මරණ පරීක්ෂණය හෙට (09) දින සිදු කිරීමට නියමිත බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියදර්ශන මහතා ප්‍රකාශ කළේය.














