දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ වෙරළබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස ප්‍රමාදයට ලක්ව ඇත්තේ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වන දුම්රිය ගමන් වාර බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.














