තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා සහ මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (04) පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නංවාලීම සඳහා රුසියාවේ පූර්ණ සහාය ලබාදීමට එකඟතාව පළ විය.
රුසියාවේ නිෂ්පාදිත, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය යොදාගනිමින් රෝග 42ක් හඳුනාගත හැකි නවීන වෛද්‍ය උපකරණ පද්ධතියක් පිළිබඳව රුසියානු අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීම පිළිබඳව දෙපාර්ශවයේම වැඩි අවධානයක් යොමු විය.
ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සඳහා රුසියාවේදී වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට රුසියානු රජය සූදානම් බව ප්‍රකාශ විය.
රුසියාවේ සෞඛ්‍ය පද්ධතිය සහ තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන්ට රුසියාවේ සංචාරයකට ඇරයුම් කෙරිණි.
දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඉදිරියේදී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමට ද නියමිතය.
ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම් දාමය ශක්තිමත් කිරීමට මෙන්ම බලශක්ති අර්බුදය වැනි ක්ෂේත්‍රවලදී ද සහාය වීමට රුසියාව කැමැත්ත පළ කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














