මෙරටට ආනයනය කරනු ලබන ජංගම දුරකථන, රවුටර (Routers) සහ අන්තර්ජාලයට සම්බන්ධ අනෙකුත් තාක්ෂණික උපකරණ (IoT Devices) සඳහා වන රේගු නිෂ්කාශන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, පහසු හා විධිමත් කිරීමේ අරමුණින් ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් නව ස්වයංක්රීය මාර්ගගත (Online) වේදිකාවක් හඳුන්වා දී තිබේ.
මෙම නව උපකරණ නිෂ්කාශන පද්ධතිය (Equipment Clearance System – ECS) හරහා ආනයනකරුවන්ට සහ මහජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව අදාළ විදුලි සංදේශ උපකරණ නිදහස් කරවා ගැනීමේ පහසුකම හිමි වන අතර, එමඟින් මෙතෙක් පැවති පරිපාලනමය ප්රමාදයන් අවම වී විනිවිදභාවයකින් යුත් සේවාවක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
















