ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ පැවති තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ප්‍රකාශ කරයි. මීට සමගාමීව ඉන්ධන බෙදාහැරීම් විධිමත් කිරීම සඳහා වන කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතියේ වැඩකටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොටිකාවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණු “වැඩකරමු රට හදමු” ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ වාර්ෂික මහ සමුළුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි රටේ තෙල් සංචිත උපරිම මට්ටමකින් පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන අපේක්ෂාව වී ඇති බවයි.
මේ අතර, ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දන සූරියආරච්චි මහතා මෙම සමුළුවේදී නිල වශයෙන් පත් කරගන්නා ලදී. මෙම වාර්ෂික මහා සභාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රංවල යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














