ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ සම-ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ මහජන දින වැඩසටහනක් පෙරේදා (ජූනි 02) පැවැත්විණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරු ප්‍රජාවට සහ පොදු මහජනතාවට තමන් මුහුණ දෙන ගැටලු, දුක්ගැනවිලි මෙන්ම සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු සෘජුවම අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම වැඩසටහන හරහා අවස්ථාව උදාවිය.
මෙහිදී රණවිරුවන් සහ ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ විවිධ කරුණු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන් විශේෂ අවධානය යොමු කළ අතර, එම ගැටලු සඳහා කාර්යක්ෂම සහ කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයෝ ද එක්ව සිටියහ.
















