ඇමරිකානු පවුල්වලට තම දරුවන් සඳහා බදු සහන සහිත ආයෝජන ගිණුම් ආරම්භ කිරීමට ඉඩ සලසමින්, ට්‍රම්ප් පරිපාලනය විසින් “Trump Accounts” ජංගම දුරකථන යෙදුම නිල වශයෙන් එළිදක්වා තිබේ.
මෙම යෙදුම පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 29) එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ අතර, එය BNY සහ Robinhood සමඟ එක්ව සංවර්ධනය කර ඇත. මෙය 18න් පහළ දරුවන් සඳහා වන අතර, 2025 සිට 2028 දක්වා උපත ලබන අලුත උපන් දරුවන් සඳහා ඇමරිකානු ඩොලර් 1,000ක මූලික දායකත්වයක් ලබා දීමට නියමිතය. පසුගිය වසරේ කොන්ග්‍රසය විසින් සම්මත කරන ලද “One Big Beautiful Bill Act” (OBBBA) පනත යටතේ මෙම බදු සහන සහිත ගිණුම් ක්‍රමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්ථාපිත කර ඇත. පවුල්වලට දැන් තම ස්මාර්ට් ජංගම දුරකථන මගින්ම මෙම ගිණුම් පිහිටුවිය හැකි අතර, ජූලි 4 වන දින නිල දියත් කිරීමට පෙර දෙමාපියන් වෙත සක්‍රිය කිරීමේ ඊමේල් (activation emails) යොමු කිරීමට නියමිතය.

