ඉරානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන් සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අමෙරිකාව එකඟ වී ඇති නමුත්, දෙපාර්ශවය අතර පැවති සටන්විරාමය (Ceasefire) මේ වන විට අවසන් වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (10) නිල වශයෙන් ප්‍රකාශ කළේය. පර්සියානු ගල්ෆ් කලාපයේ කටාර් සහ සෞදි අරාබියට අයත් වාණිජ තෙල් නැව් තුනකට ඉරානයෙන් ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය. ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර, ඉරානය ද ඊයේ (09) ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුණි.
“සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉරානය කළ ඉල්ලීමට අප එකඟ වුණා. නමුත් සටන්විරාමය අවසන් බව අප ඔවුන්ට ඉතා පැහැදිලිව දන්වා තිබෙනවා” යැයි ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය. මෙම දැඩි නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමන ආරක්ෂාව වෙනුවෙන් කටාර් රාජ්‍යයේ මැදිහත්කරුවන් පිරිසක් අද ඉරාන බලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් සැපයුමට බාධා පැමිණීමේ අවදානමක් මතු වී ඇති අතර ගෝලීය බොරතෙල් මිල ද මේ වන විට 5%කින් ඉහළ ගොස් ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















