අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව, නාසා (NASA) ආයතනය, ෆෙඩරල් රිසර්ව් මහ බැංකුව සහ අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඇතුළු අධි-සංවේදී රාජ්‍ය ආයතන රැසක පරිගණක පද්ධති වෙත චීන සහාය ලබන හැකර්වරුන් පිරිසක් අතුළුවී සිදුකළ දැවැන්ත සයිබර් ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බව අමෙරිකානු එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) පවසන්නේ මෙම සයිබර් ඔත්තුබැලීමේ මෙහෙයුම සඳහා භාවිත කළ ‘QScan’ සහ ‘QTRouter’ යන හැකින් ප්ලැට්ෆෝම්වල අන්තර්ජාල ඩොමේන් (Domains) සිය භාරයට ගෙන එම ජාලය අක්‍රිය කළ බවයි. කෙසේ වෙතත් වොෂින්ටන් හි පිහිටි චීන තනාපති කාර්යාලය මෙතෙක් මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, චීනය සාමාන්‍යයෙන් මෙවැනි සයිබර් ප්‍රහාර සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













