ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය ඔහුගේ වර්තමාන ධුර කාලය තුළ වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව නවතම රොයිටර් (Reuters/Ipsos) මත විමසුමක් පෙන්වා දෙයි. මේ වන විට ඇමරිකානුවන්ගෙන් අනුමැතිය හිමිව ඇත්තේ 34% කට පමණක් වන අතර, එය පසුගිය කාලසීමාව පුරා අඛණ්ඩව පහත යමින් පවතී.
ජනප්‍රියතාවය මෙලෙස පහත වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය සමඟ ඇති වූ යුද්ධයත් සමඟ ඉහළ ගිය ඉන්ධන මිල සහ ජීවන වියදමයි. පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් ඇමරිකාවේ පෙට්‍රල් මිල 40% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ට්‍රම්ප් මහතාගේ ආර්ථික කළමනාකරණය පිළිබඳව රෙපබ්ලිකන් පාක්ෂිකයන් අතර පවා 41% ක දැඩි අප්‍රසාදයක් ගොඩනැගී තිබේ. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණය (Midterm Elections) හමුවේ මෙය ට්‍රම්ප් පරිපාලනයට දැඩි අභියෝගයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














