වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමේ මට්ටමක පවතින බව පවසමින්, කැනඩා භාණ්ඩ රැසක් මත පැනවීමට නියමිතව තිබූ නව තීරුබදු දින තුනක කාලයකට කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
හෙට උදෑසන ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 20කට ආසන්න (කැනේඩියානු ඩොලර් බිලියන 28ක් පමණ වන) කැනඩා ආනයන මත පැනවෙන 50%ක තීරුබදු පියවර මෙලෙස තාවකාලිකව නතර කර ඇති බව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය. අමෙරිකාව සහ කැනඩාව අතර ලේඛනගත කටයුතු අවසන් වීමට යටත්ව මේ වන විට වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම නව එකඟතාව හරහා අමෙරිකාව සහ කැනඩාව අතර පැවති වෙළඳ අර්බුදයට විසඳුම් ලැබෙනු ඇති අතර, කීස්ටෝන් එක්ස්එල් (Keystone XL) තෙල් නළ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමටද ඉඩකඩ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.













