සුප්‍රසිද්ධ රූපවාහිනී හාස්‍ය රංගන ශිල්පී ජිමී කිමෙල් (Jimmy Kimmel) විසින් සිදුකරන ලද ප්‍රකාශයක් දැඩි ලෙස හෙළා දකිමින්, ඔහුව වහාම සේවයෙන් ඉවත් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ABC සහ ඩිස්නි (Disney) ආයතනවලින් ඉල්ලා සිටී.
පසුගිය සෙනසුරාදා වොෂින්ටනයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට දින කිහිපයකට පෙර, ජිමී කිමෙල් විසින් මෙලනියා ට්‍රම්ප් මහත්මියව “වැන්දඹුවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තියකට” (Expectant widow) සමාන කරමින් ප්‍රකාශයක් කර තිබුණි. මෙම ප්‍රකාශය ප්‍රචණ්ඩත්වයට කරන ලද අනුබල දීමක් ලෙස ජනාධිපතිවරයා චෝදනා කරයි.
තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ, කිමෙල්ගේ මෙම “නින්දිත” ප්‍රකාශය සාමාන්‍ය සීමාවන් ඉක්මවා ගිය එකක් බවයි. එසේම මෙලනියා ට්‍රම්ප් මහත්මිය ද ඊයේ (27) මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළාය. වෙඩි තැබීමේ සිදුවීම වීමට පෙර මෙම විහිළුව සිදු කර තිබුණද, එවැනි ප්‍රකාශ හරහා අනතුරුදායක පසුබිමක් නිර්මාණය වන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ABC ආයතනය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.














