මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් ධවල මන්දිරයේ පැවති විශේෂ උපහාර උත්සවයකදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තම පරිපාලනය විසින් දරුවන්ගේ සංක්‍රාන්ති ලිංගික විකෘති කිරීම් (transgender mutilation) නතර කිරීමට පියවර ගත් බවයි. “අපි ඔබ සැම වෙනුවෙන් ඔබේ දරුවන්ගේ සංක්‍රාන්ති ලිංගික විකෘති කිරීම් නතර කළා” යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය.
එළඹෙන මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, එළඹෙන ඉරිදා දිනය අමෙරිකානු පවුල් මිලියන ගණනකට ආදරය, කෘතඥතාව සහ සතුට පිරුණු දිනයක් වනු ඇති බවයි. අපව ඇති දැඩි කළ සහ අපගේ ජීවිතවල සිටින සියලුම විශිෂ්ට මව්වරුන් එහිදී ඇගයීමට ලක්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වූ, තම දරුවන් වෙනුවෙන් පෙනී සිටින සහ ජීවිතයේ දැඩි අහිමිවීම්වලට මුහුණ දී සිටින ‘ඇන්ජල්’ (Angel) සහ ‘ගෝල්ඩ් ස්ටාර්’ (Gold Star) මව්වරුන්ගේ “ශක්තිමත් සහ සැබෑ වීරත්වය” ජනාධිපති ට්‍රම්ප් විසින් මෙහිදී විශේෂ ගෞරවයට පාත්‍ර කරන ලදී.















