අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ. අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් මෙම නව බදු පැනවීම සිදුකිරීමට නියමිත අතර, එය දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව විසින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ. මේ යටතේ කැනඩාව විසින් අමෙරිකාවට අපනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ ඇතුළු පුළුල් භාණ්ඩ පරාසයක් සඳහා මෙම නව බදු පැනවීමට නියමිත බව අමෙරිකාව පවසයි.
















