සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරේ මුල් මාස 7 තුළ වන අලි 75ක් ඇතුළුව විවිධ හේතූන් නිසා සමස්තයක් ලෙස වන අලි 180ක් මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෙඩි තැබීමෙන් අලි මරණ 30ක්, අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් අලි මරණ 23ක්, හක්කපටස් අනතුරුවලින් අලි මරණ 19ක් සහ විෂ ශරීරගත වීමෙන් අලි මරණ 3ක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.එමෙන්ම මෙම කාලය තුළ දුම්රියේ ගැටීමෙන් අලි මරණ 2ක් සහ වෙනත් අනතුරුවලින් මරණ 10ක් සිදුවී ඇති අතර, සෘජු මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම වෙනත් හේතූන් නිසා මෙලෙස අලි 180ක් මියගොස් ඇත. මේ අතර, අලි ප්‍රහාර හේතුවෙන් මෙම වසරේ මුල් මාස 7 තුළ පුද්ගලයන් 56 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















