අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ මුල් භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට තමන් ද මේ වසර අවසානයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි. මෙම සංචාරය තහවුරු වුවහොත් එය ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ ඉන්දියාවේ සිදුකරන පළමු සංචාරය වනු ඇත. මෑතකදී ප්‍රංශයේ පැවති G7 සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී වෙළඳ ගිවිසුම් සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.















