• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහාචාර්ය රුචික ප්‍රනාන්දුගෙන් පේරාදෙණියට එරෙහිව රිට් පෙත්සමක් නඩු 100ක් ඇති තැනට 101 මොකක්ද?

උපකුලපති අසයි

1 July 2026
in දේශීය, පුවත්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
කිසියම් රටක ශිෂ්ඨ සම්පන්නභාවය මැනෙන මිනුම් දණ්ඩක් ලෙස එම රටෙහි සිදුවන අපරාධ සංඛ්‍යාව සලකනු ලබයි. අපරාධ සංඛ්‍යාව අඩු වේ නම් එය ශිෂ්ඨත්වයේ ඉහළ තත්ත්වයක් ළඟාකරගැනීමක් ලෙස සැලකේ. එසේම කිසියම් රාජ්‍ය ආයතනයක සුපිළිපන්නභාවය පිළිබඳව තීරණය කිරීමට එම ආයතනයට එරෙහිව ඉදිරිපත්වන මානව හිමිකම් නඩු සහ වෙනත් නඩු කටයුතුවල අඩු වැඩි වීමද සලකා බැලිය හැකිය. පරිපාලනමය තීරණයන්ට එරෙහිව ඉහළ අධිකරණ වෙත ඉදිරිපත්වන නඩු කටයුතු ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ එකී ආයතනය තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටී, අත්තනෝමතිකත්වය හිස ඔසවා තිබෙන බව මිස අන් යමක් නොවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් මානව හිමිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයද, මානව හිමිකම් කොමිසමද ලබාදුන් තීන්දු ගණනාවක් ආසන්න කාලයේ ප්‍රකාශයට පත්ව ඇත. එසේම එහි නීතියට පටහැනි තීරණයන්ට එරෙහිව රිට් ආඥා ගණනාවක්ද අභියාචනාධිකරණය විසින් පසුගිය කාලයේ නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේද, අභියාචනාධිකරණයේද, වෙනත් අධිකරණවලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එරෙහි නඩු කටයුතු ගණනාවක් මේ වන විටත් විභාගයට ගැනෙමින් පවතී. සේවකයන් විසින් පරිපාලනමය තීරණයන්ට එරෙහිව පවරා ඇති මෙම නඩු සංඛ්‍යාව ඉහළ යාමෙන් පෙනී යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතියේ අධිකාරිය බරපතල ලෙස කඩාවැටීමකට ලක්ව තිබෙන බවය.
මෙම තත්ත්වය පිළිබඳව උපකුලපතිවරයා සහ නියෝජ්‍ය උපකුලපතිවරයාගේ අදහස බව ඉහළම මට්ටමේ සාකච්ඡා මේසවලදී පවා කියැවී තිබෙන්නේ “නඩු 100ක් තියෙන තැන ඒක 101 වුණාට ප්‍රශ්නයක් නෑ” යන්නය. මෙවැනි අසංවේදී මිනිසුන් වහසි බස් දොඩවන්නේ තමන්ගේ පෞද්ගලික මුදලින් නොව මහජන බදු මුදලින් සූදු කෙළිමින් වන බැවින් මේවාද මහජන මුදල් අවභාවිතාවන්ට ගැනෙන බව අපගේ අදහසය. ඒ නිසා ජනාධිපතිවරයා සහ අල්ලස් කොමිසම ඇතුළු නිසි බලධාරීන් ඒ පිළිබඳව සොයා බැලිය යුතුය.
මේ අතර වාර්තා වන අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ තවත් මහාචාර්යවරයෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරා තිබෙන බවය. පශු වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය සහ ඖෂධවේද දෙපාර්තමේන්තුවේ හිටපු අංශ ප්‍රධාන මහාචාර්ය රුචික ප්‍රනාන්දු විසින් පවරා තිබෙන මෙම රිට් පෙත්සම මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව, එහි උපකුලපති ඇතුළු වගඋත්තරකරුවන් 31 දෙනෙකු නම් කර තිබෙන අතර, වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුට අගතිදායක ලෙස ගෙන තිබෙන නීතියට පටහැනි තීරණ කිහිපයක් බලරහිත කිරීම සඳහා සර්ටියෝරාරි සහ ප්‍රොහිබිෂන් රිට් ආඥා කිහිපයක් ඉල්ලා සිට තිබේ.
මහාචාර්යවරුන්ටත් කරුණු කාරණා සිද්ධවන්නේ එසේ නම් අවශේෂ සේවකයන් ගැන කවර කථාදැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්වවිද්‍යාල ප්‍රජාව කියා සිටී.
Post Views: 19
Previous Post

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ ඉන්දියාවේ නිල සංචාරයකට

Next Post

පාකිස්තානයේ උපකාරක පන්තියක වහලය කඩා වැටේ

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්තානයේ උපකාරක පන්තියක  වහලය කඩා වැටේ

පාකිස්තානයේ උපකාරක පන්තියක වහලය කඩා වැටේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
පියයුරු පිළිකා පිළිබඳ  දැනුවත් කිරීමේ පණිවිඩය සමඟ  පාකිස්තාන–එංගලන්ත ක්‍රිකට් තරගය  රෝස පැහැයෙන්

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩය සමඟ පාකිස්තාන–එංගලන්ත ක්‍රිකට් තරගය රෝස පැහැයෙන්

25 October 2026
මිල ප්‍රදර්ශනය නොකළ  වෙළෙඳසැල්වලට එරෙහිව  දිවයින පුරා වැටලීම්  උල්ලංඝනය කිරීම් 200කට ආසන්නයි

මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල්වලට එරෙහිව දිවයින පුරා වැටලීම් උල්ලංඝනය කිරීම් 200කට ආසන්නයි

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved