ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය තෙල් සහ ස්වභාවික ගෑස් ප්‍රවාහනයේ ප්‍රධාන ජල මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) “නව ඇමරිකානු භූමියක්” ලෙස දක්වමින් සිතියමක් නැවත වරක් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබේ.
යුද්ධය ආරම්භ වීමත් සමඟ ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, ඉරාන ආරක්ෂක මණ්ඩලය පවසන්නේ ඇමරිකාව සිය හැසිරීම නිවැරදි කර ගන්නා තෙක් සහ සිය වගකීම් ඉටු කරන තෙක් මෙම ජල මාර්ගය විවෘත නොකරන බවයි. කෙසේ වෙතත්, ඇමරිකාව මෙම සමුද්‍ර සන්ධිය මත පූර්ණ පාලනයක් රඳවාගෙන සිටින බව ට්‍රම්ප් පවසයි.
















