ඇමරිකානු හමුදා විසින් ඉරාන ඉලක්ක වෙත එල්ල කරන ලද නවතම ප්‍රහාර මාලාව හුදෙක් “ආදරණීය තට්ටුවක්” (Love tap) පමණක් බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම තත්ත්වය සුළු කොට තකා තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු නාවික නෞකාවලට එල්ල වූ ප්‍රහාර හමුවේ අමෙරිකානු මධ්‍යම විධානය ස්වයං ආරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ බව වාර්තා වුවද, දෙරට අතර පවතින සටන් විරාම ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි. ABC පුවත් සේවය සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීම නිසා සටන් විරාමය බිඳ වැටී නොමැති බවයි. කෙසේ වෙතත් ඉරානය මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සටන් විරාමය උල්ලංඝනය කරමින් සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ ඉලක්ක කර ඇති බවයි. මෙම යුදමය උණුසුම මධ්‍යයේ වුවද තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමක පවතින බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.















