වසර ගණනාවක් පුරා පවතින අභ්‍යන්තර යුදමය තත්ත්වය සහ රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටීම හමුවේ යේමනයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ප්ලාස්ටික් සහ ගෘහස්ථ අපද්‍රව්‍ය නිසා දැඩි පාරිසරික අර්බුදයකට මුහුණ පා සිටී.
ප්‍රසිද්ධ කෘෂිකාර්මික නිම්නයක් වන ‘වාඩි දවාන්’ (Wadi Dawan) ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල වගාබිම්, ජල මාර්ග සහ ගංගා නිම්න ප්ලාස්ටික් බෝතල් සහ උරාවලින් පිරී ගොස් ඇති අතර, එමගින් පස දූෂණය වී වගා පාලුවීම් සහ පානීය ජලය අපවිත්‍ර වීම් බහුලව වාර්තා වේ. නිසි අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් නොමැතිකම සහ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවත්, මින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට සහ පැණි හා රටඉඳි වගාවන්ට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














