ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් සේවා, බහුජාතික හෝටල් සහ නාවික සංචාරක සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරයි.
අද (02) පැවැත්වීමට නියමිත මෙම හමුව සඳහා American Airlines, Marriott, MGM Resorts සහ Carnival වැනි ප්‍රබල සමාගම්වල නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. මෙවර ග්‍රීෂ්ම ඍතුවේදී පැවැති ෆීෆා ලෝක කුසලාන (FIFA World Cup) තරගාවලිය හේතුවෙන් ඇමෙරිකාවේ සංචාරක ක්ෂේත්‍රය විශාල උත්තේජනයක් ලැබූ අතර, ජූනි මාසයේදී පමණක් සංචාරක වියදම් 6.2%ක වර්ධනයක් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 122.1ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කෙසේ වෙතත්, දැඩි වීසා ප්‍රතිපත්ති, ආගමන විගමන නීති සහ සංචාරක තහනම් කිරීම් හමුවේ පසුගිය වසරේ (2025) ජාත්‍යන්තර සංචාරකයින්ගේ පැමිණීම 5.5%කින් පහත වැටී තිබූ අතර, මෙම හමුවේදී ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













