ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ධවල මන්දිරයේ පැවැති හමුවකදී, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මර්දනය කිරීම සඳහා වූ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ හමුදාමය ප්‍රහාර ඇතුළු සියලු විකල්ප පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙක් ප්‍රකාශ කරයි.
රාජ්‍යතාන්ත්‍රික එකඟතාවකට පැමිණීම, ආර්ථික සම්බාධක තද කිරීම හෝ දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම යන විකල්ප තුනම මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර, අවසන් තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා සතු බව අදාළ නිලධාරියා පෙන්වා දෙයි.
පසුගිය පෙබරවාරියේ සිට ඇවිළී ගිය යුදමය තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පාලනය විසින් නැවතත් දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවට අවධාරණය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














