මෑත දිනවල ඉරාන ප්‍රහාරවලින් මියගිය ඇමෙරිකානු සෙබළුන් තිදෙනාට ගෞරවයක් ලෙස ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට ඉරානය එල්ල කරන ප්‍රහාර අවම කිරීමේ අරමුණින්, ඇමෙරිකානු මධ්‍යම බළකාය (Centcom) විසින් ඉරානයේ හමුදාමය ස්ථාන සහ සන්නිවේදන ජාල ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව 9 වැනි රාත්‍රියටත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
ඊට ප්‍රතිචාර ලෙස සිරියාවේ සිටින ඇමෙරිකානු බලඇණි වෙත සහ ජෝර්දානයේ අකාබා (Aqaba) ගුවන්තොටුපළේ තිබූ ඇමෙරිකානු ගුවන්යානා ඉලක්ක කර ගනිමින් හදිසි ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.
මේ අතර, එක්සත් ජනපද ප්‍රහාර නතර වන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ ගෑස් ප්‍රවාහනය කිරීමට කිසිදු ඉඩක් නොතබන බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉරාන විප්ලවීය අාරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇත.
















