උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong Un) හමුවීමට තමා සැලසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරයේ දකුණු තණකොළ පිටියේ ඉදිකරමින් පවතින හෙලිපැඩ් ව්‍යාපෘතිය නිරීක්ෂණයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
දකුණු කොරියානු හමුදාව සමඟ සිදුකරන ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාස කප්පාදු කරන ලෙස ට්‍රම්ප් පෙන්ටගනයේ නිලධාරීන්ට නියෝග කර ඇති පසුබිමක් තුළ මෙම ප්‍රකාශය කර ඇත. කිම් ජොන් උන් සමඟ තමාට හොඳ සබඳතාවක් ඇති බව පෙන්වා දුන් ට්‍රම්ප්, උතුරු කොරියාව සතුව “ඉතා බලවත්” න්‍යෂ්ටික අවි 57ක් පවතින බවද මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මීට පෙර 2018 සහ 2019 වසරවලදී මෙම නායකයින් දෙපළ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















