ලෝක බලශක්ති වෙළඳපොළට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඒ වෙනුවට ඉරානයට පනවා ඇති ඇමරිකානු සම්බාධක ඉවත් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම තීරණයත් සමඟ දෙරට අතර පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත වී ඇත.
ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා වන්නේ, පසුගිය සති කිහිපයක සිට දෙපාර්ශවය අතර පැවති ගැටුම්කාරී ස්වභාවය යම්තාක් දුරට සමනය වුවද, ස්ථිර සහ සුහද එකඟතාවයකට පැමිණීමට තවමත් නොහැකි වී ඇති බවයි.
ඉරානයේ මෙම යෝජනාව මූලික කරුණු දෙකක් මත පදනම් විය. ඒවා නම් ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික සමුද්‍ර මාර්ගය නැවත සාමාන්‍ය පරිදි විවෘත කිරීම සහ ඉරානයට පනවා ඇති දැඩි ආර්ථික සහ වෙළඳ සම්බාධක ඉවත් කිරීමයි.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළඳපොළ කෙරෙහි මෙම සිදුවීම කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.














