නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු අන්තර්වාර මැතිවරණයෙන් (Midterm Elections) පසුව ඉරානය සමඟ පවතින යුද්ධය “වහාම අවසන් වන” බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ටෙක්සාස් හි ඩැලස් නුවර පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයට පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ඉරානය ඇමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ කළද, පවතින දැවැන්ත ආර්ථික පීඩනය හමුවේ ඔවුන්ට තවදුරටත් යුද්ධය පවත්වාගෙන යා නොහැකි බවයි. මාස හතක් පුරා ඇදී යන මෙම යුදමය තත්ත්වය සහ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා යෑම නිසා හටගෙන ඇති ජීවන වියදම් අර්බුදය හමුවේ ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයද පහත වැටී ඇති අතර, මැතිවරණයෙන් පසු තෙල් මිල පහත වැටෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














