රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාර්ථක දුරකථන සංවාදයක් පැවැත්වූ බවත්, යුක්‍රේන යුද්ධය නිමා කිරීම සඳහා එකඟතාවයකට එළඹීමට පුටින් කැමැත්තෙන් පසුවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජාරෙඩ් කුෂ්නර් (Jared Kushner) මොස්කව් සහ කියෙව් හි සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සංචාරයකින් අනතුරුව මෙම දුරකථන සංවාදය සිදුව ඇත. ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ මෙම සාම ක්‍රියාවලියේ ප්‍රධාන බාධකය වී ඇත්තේ එකිනෙකාට දැඩි ලෙස වෛර කරන නායකයින් දෙදෙනෙකු සිටීම බවයි. කෙසේවෙතත්, ඇමෙරිකානු සහ යුරෝපීය බුද්ධි අංශ තවමත් සැක පහළ කරන්නේ වසර හතරක් පුරා දිවෙන මෙම යුද්ධය අවසන් කිරීමට පුටින් සැබවින්ම සූදානම්ද යන්න පිළිබඳවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














