බටහිර ඉවුරේ (West Bank) පිහිටි ඊශ්‍රායල ජනපදවලට එරෙහිව බ්‍රිතාන්‍ය රජය විසින් පනවන ලද සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් ජෙරුසලමේ පිහිටි බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය (British Consulate) දින 30ක් ඇතුළත වසා දමන ලෙස ඊශ්‍රායලය නියෝග කර තිබේ.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Sa’ar) ප්‍රකාශ කළේ මෙම පියවර බ්‍රිතාන්‍ය රජයට එරෙහි සෘජු ප්‍රතිචාරයක් බවයි. මෙම රාජ්‍යතාන්ත්‍රික අර්බුදයේ තවත් පියවරක් ලෙස, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති අතර, ගාසා තීරයේ අමෙරිකානු මූලිකත්වයෙන් පැවැත්වෙන සම්බන්ධීකරණ මෙහෙයුම්වලට බ්‍රිතාන්‍යයට ඇති ඉඩකඩ අත්හිටුවීමට ද ඊශ්‍රායල රජය තීරණය කර ඇත. තවද, ඊශ්‍රායලයට එරෙහිව කටයුතු කරන ඕනෑම රටකට එරෙහිව මෙවැනි දැඩි පියවර ගන්නා බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු අඟවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














