ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන පාලන සමයේ ගත වූ මාස විස්කක කාලය තුළ ක්‍රියාත්මක කළ පුළුල් ප්‍රතිපත්ති වෙනස්වීම් හරහා එරට බලශක්ති වෙළඳපොළ තුළ දැවැන්ත පෙරළි සිදුව ඇති බව බ්ලුම්බර්ග් ගවර්මන්ට් (BGOV OnPoint) වාර්තා කරයි
ඒ අනුව, බලශක්ති දෙපාර්තමේන්තුව විසින් පරිපාලනයේ අනුග්‍රහය ලත් අංශ වෙත කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මූලිකත්වය ගෙන ඇති අතර, ඇතැම් අවස්ථාවල හිටපු ජනාධිපති බයිඩන්ගේ සමයේ පැවති නීති යටතේ වෙන් කළ අරමුදල් පවා මේ සඳහා යළි යොමු කර තිබේ. මෙම නව ප්‍රතිපත්ති හේතුවෙන් තෙල් සහ ගෑස් සමාගම්වලට වැඩි වශයෙන් කැණීම් කටයුතු සිදු කිරීමට අවස්ථා උදා වී ඇති අතර, දැඩි අර්බුදයකට මුහුණ දී සිටි ඇමෙරිකානු ගල්අඟුරු බලාගාර හදිසි නියෝග සහ ෆෙඩරල් අරමුදල් හරහා තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
තවද, කෘත්‍රිම බුද්ධිය (AI) හා සම්බන්ධ තාක්ෂණික දියුණුව සහ හිතකර ෆෙඩරල් ප්‍රතිපත්ති හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වෙත විශාල වශයෙන් ආයතනික ආයෝජන ගලා එමින් පවතින බවද වාර්තා වේ.














