දින 45කට ආසන්න කාලයක් ගෑස් තොග නිකුත් නොකිරීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටි බගවන්තලාව නගරයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් සඳහා ඊයේ (01) දින යළි ගෑස් තොග බෙදා හැරීමට පියවර ගෙන තිබේ
ලාෆ් ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ සිය අලෙවි නියෝජිතයා වෙත මෙම නව ගෑස් තොග නිකුත් කර ඇති අතර, මෙලෙස දිගු කලක් තිස්සේ ගෑස් නොලැබීම නිසා ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි බව වාර්තා වේ.














