අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලය හරහා ලියෝ පාප්වහන්සේ සහ නේටෝ සංවිධානය ඉලක්ක කරගනිමින් යළිත් විවේචනාත්මක සටහන් පෙළක් තබා තිබේ. ඉරානය සතුව න්‍යෂ්ටික බෝම්බයක් පැවතීම කිසිසේත්ම පිළිගත නොහැකි බව පාප්වහන්සේට දැනුම් දෙන ලෙස ඔහු එක් සටහනක සඳහන් කර ඇත. එමෙන්ම පසුගිය මාස දෙකක කාලය තුළ ඉරානය විසින් එරට විරෝධතාකරුවන් 42,000ක් පමණ ඝාතනය කර ඇති බවට ද ට්‍රම්ප් මෙහිදී චෝදනා කර තිබේ. පවතින අමෙරිකා-ඉරාන යුධමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවිධාන සහ ආගමික නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා දිගින් දිගටම මෙලෙස සිය අප්‍රසාදය පළ කරමින් සිටියි.














