ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිරවී ඇති නැව්වලට මඟ පෙන්වා ඒවා මුදාගැනීමේ විශේෂ ප්‍රයත්නයක් අද (04) සිට ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
නෞකා සිය ගණනකට සහ නාවිකයන් 20,000කට පමණ උපකාරී වන මෙම පුළුල් මෙහෙයුම පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන යුද්ධය හේතුවෙන් “මධ්‍යස්ථ සහ නිර්දෝෂී” රටවල් පවා පීඩාවට පත්ව ඇති බව ට්‍රම්ප් මැයි 3 වන ඉරිදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර තිබේ.
අදාළ රටවලට තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා ඔවුන්ගේ නැව් මෙම සීමාසහිත මුහුදු මාර්ගවලින් ආරක්ෂිතව පිටතට ගෙන යාමට ඇමරිකාව මඟ පෙන්වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.














