ඇමෙරිකානු මධ්‍යම බැංකුව හෙවත් ෆෙඩරල් රිසර්ව් (Federal Reserve) හි සභාපති ජෙරොම් පවෙල් (Jerome Powell) ලබන මැයි මාසයේදී සිය ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඔහුව නෙරපා හරින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (16) අනතුරු ඇඟවීය පවෙල්ගේ ධුර කාලය මැයි 15 වනදායින් අවසන් වීමට නියමිත වුවත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කර ඇති කෙවින් වෝෂ් (Kevin Warsh) සෙනෙට් මණ්ඩලය විසින් ස්ථාවර කරන තෙක් තාවකාලිකව ධුරයේ රැඳී සිටීමට පවෙල් සැලසුම් කර තිබේ
“එසේ වුවහොත් මට ඔහුව නෙරපා හැරීමට සිදුවේවි” යනුවෙන් ට්‍රම්ප් ‘Fox Business’ නාලිකාවට පවසා ඇත පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් සහ ෆෙඩරල් බැංකු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ පවෙල් අතර කලක පටන් දැඩි ගැටුමක් පවතී පවෙල්ට එරෙහිව පවතින විමර්ශන ඉවත් කරන තෙක් නව පත්වීම් අනුමත නොකරන බවට රිපබ්ලිකන් සෙනෙට් සභික තොම් ටිලිස් අනතුරු අඟවා තිබීම හේතුවෙන් මෙම පත්වීම් ක්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ වී ඇත














