හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා කිසිදු නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල නොකළ යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අවධාරණය කරයි. ඉරානය විසින් යම් හෙයකින් එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ පාලම් හෝ බලශක්ති බලාගාරවලට බෝම්බ හෙළා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ඔහු තර්ජනය කර ඇත.
තම Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීමට හෝ තර්ජනයක් කිරීමට ඉරානයට ඉඩ නොතබන බවත්, බලශක්ති හා වෙළඳ නාවික මාර්ග ආරක්ෂා කිරීමට ඇමෙරිකාව ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවත් මෙම ප්‍රකාශය හරහා පෙන්නුම් කරයි.














