මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. යෝජිත සාම ගිවිසුමකට ඉරානය එකඟ නොවන්නේ නම්, ඇමරිකානු හමුදාවට යළිත් වරක් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කළේය.
ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “යම් හෙයකින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත්, සටන් යළි ආරම්භ වනු ඇති” බවයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අවහිරතාවය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි ස්ථාවරයක පසුවන අතර, මෙම සාම සාකච්ඡා බිඳ වැටුණහොත් යුධමය මැදිහත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ට්‍රම්ප් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ඇමරිකානු අවශ්‍යතා සහ මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මොහොතක ප්‍රහාරාත්මකව ක්‍රියා කිරීමට සිය හමුදා සූදානමින් සිටින බව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ. මෙම තීරණාත්මක නිවේදනයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය නැවතත් ඉහළ ගොස් ඇත.
තොරතුරු උපුටා ගැනීම: fox news ඇසුරින්














