ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදුකිරීම සඳහා වන පනත් කෙටුම්පත් කිහිපයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය විසින් අද (16) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙහි ප්‍රධානතම යෝජනාව වන්නේ පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශීය සභාවල ආසනවලින් තුනෙන් එකක් (1/3) කාන්තාවන් සඳහා වෙන් කිරීමයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පහළ මන්ත්‍රී මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ, කාන්තා හඬ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් වීම හරහා රටට අලුත් ශක්තියක් සහ නැවුම් චින්තනයක් ලැබෙනු ඇති බවයි. මෙම පනත් කෙටුම්පත් මඟින් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වැඩිකිරීමට සහ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අලුතින් සිදුකිරීමට ද යෝජනා කර ඇත. රජය පෙන්වා දෙන්නේ 1971 සංගණනයෙන් පසු සිදුවූ ජනගහන වෙනස්වීම්වලට අනුකූලව මෙම සංශෝධන සිදුකරන බවයි.
කෙසේ වෙතත්, විපක්ෂය මෙම පියවර දැඩි ලෙස විවේචනය කරන අතර, ඔවුන් චෝදනා කරන්නේ මෙය මැතිවරණ ප්‍රතිඵල තමන්ට වාසිදායක ලෙස හසුරුවා ගැනීමට රජය දරන උත්සාහයක් බවයි. මෙම සීමා නිර්ණය වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද විපක්ෂ නායකයෝ අවධාරණය කරති.














