නානුඔය සිට බදුල්ල බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගමන් කරමින් සිටි 23 හැවිරිදි තුර්කි ජාතික තරුණියක් දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල ලබා තිබේ.
අද (19) උදෑසන මෙම තරුණිය ඇයගේ මිතුරියන් දෙදෙනෙකු සමඟ නානුඔය සිට ඇල්ල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ඇය දුම්රියේ පා පුවරුවේ සිට ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී පැරකුම්පුර සහ අඹේවෙළ දුම්රිය ස්ථාන දෙක අතරතුරදී දුම්රියෙන් ඇදවැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණිය දුම්රිය නියාමකවරුන් විසින් අඹේවෙළ දුම්රිය ස්ථානයට රැගෙනවිත් භාර දී ඇති අතර, පසුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් ඇය සහ ඇගේ මිතුරියන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇත. තුවාලකාරියගේ තත්ත්වය බරපතල බැවින් පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව අඹේවෙළ දුම්රිය ස්ථානාධිපතිවරයා පවසයි.
















