බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 140.56ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත්ව තිබේ. ඊයේ උදෑසන ගුවන් තොටුපළ හරිත මාවත (Green Channel) ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති අතර එහි තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 14.562ක් ලෙස සටහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 30 යන වයස්වල පසුවන කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.














