ත්‍රිකුණාමලය පොලිස් වසමේ මුරුගාපුරි ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව මත ඊයේ (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 49 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයින් බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














