කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි විදේශිකයින් 14 දෙනෙකු වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව මත පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 56ත් අතර පසුවන චීන ජාතිකයින් 12 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකි. සැකකරුවන් සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














